Subscribe ByRSSorEmail

Published on Saturday, 01 February 2014 16:47

OrgamiDr 410px 14 02 01විවිධ හැඩයට කඩදාසි නැමීමේ ජපන් කලාශිල්ප ක්‍රමය වන ඔරිගාමි කලාව මේ වන විටත් ලොව පුරාවටම පැතිර ගොස් අවසානය.

මෙම පුවත ඔරිගාමි කලාව වෙනත් තලයකට ගෙන යාමට සමත්වූ ජර්මන් මෝස්තර නිර්මාණ ශිල්පිණයක් වන ජූල් වයිබල් පිළිබඳවයි.

ඇගේ නිර්මාණ වන්නේ ඔරිගාමි කලාවට අනුව තැනුනු ගවුම්ය.

ශරීරයට සරිලන ලෙස දෑතින් කඩදාසි නමා තැනෙන මෙම ගවුමක් සම්පූර්ණ කිරීමට පැය දහයකට වැඩි කාලයක් ගතවන බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම ගවුම් තැනෙන ඇතැම් කඩදාසි වල විවිධ වර්ණයන් ද මෝස්තරද ඇතුළත්වේ.

බර්ෂ්කා නම් ස්පාඤ්ඤ විලාසිතා සමාගම විසින් පසුගියදා ජූල් හට අපූරු ආරාධනාවක් සිදුකර තිබුණි. එම ආරාධනාව නම් ලන්ඩන් පැරිස්, මිරාන්, ඉස්තාන්බුල්, ඕසකා හා මෙක්සිකෝ සිටී ඇතුළ නගර ගණනාවක පිහිටි සිය වෙළඳසැල් 25ක ජූල් ගේ මෙම ගවුම් 25ක් ප්‍රදර්ශනය කිරීමයි.

විවිධ නගර සඳහා විවිධ මෝස්තර හා වර්ණ යොදාගත් බවත්, සිය කණ්ඩායම සමග වැඩ කරන දින 08ක් තුළදී ගවුම් 25ක්, බෑග් දෙකක් හා කුඩ දෙකක් මේ අයුරින් නිර්මාණය කිරීමට සමත්වූ බව ඇය පවසයි.

ජූල් හා ඇගේ කණ්ඩායම විසින් නිර්මාණය කළ අපූරු කඩදාසි ගවුම් නිර්මාණ පහත දැක්වේ.

OrgamiDr7 600px 14 02 01

OrgamiDr6 600px 14 02 01

OrgamiDr5 600px 14 02 01

OrgamiDr4 600px 14 02 01

OrgamiDr3 600px 14 02 01

OrgamiDr2 600px 14 02 01

OrgamiDr1 600px 14 02 01

Latest Comments

නවතම පුවත්