Subscribe ByRSSorEmail

Published on Tuesday, 23 July 2013 10:52

SamanthaP 410px 13 07 23එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහා ඇමරිකාව විසින් නව තානාපතිවරිය ලෙස පත්කර ඇති සමන්තා පවර්ගේ, ප්‍රධාන න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළුව ද ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

සමන්තා පවර්, ඇමරිකානු ජනාධිපති ඔබාමාට ඉතාමත් සමීප තැනැත්තියක ලෙස සැලකේ.

මෙම පත්කිරීම පිළිබඳව සහ සමන්තා පවර්ගේ ඉදිරි සැලැස්ම සම්බන්ධයෙන් ඇමරිකාවේ සෙනට් සභාවට සහ විදේශ කටයුතු කමිටුවේ නායක රොබේට් මෙනෙන්ඩෙස්ට පසුගිය 17 වන දින පැහැදිලි කර ඇත.

ඇයට ඇමරිකාවේ සෙනට් සභාවේ සහයෝගය තිබීම හේතුවෙන් ඇයගේ පත්වීම අද (23) පැවැත්වීමට නියමිත මත විමසීමේදී තහවුරු වනු ඇතැයි පැවැසේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මීළඟ මානව හිමිකම් සමුළුව ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන නව ඇමරිකානු තානාපතිවරිය වන සමන්තා පවර් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළුව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇතැයි රාජ්‍යතන්ත්‍රීක ආරංචිමාර්ග සඳහන් කරයි.

-උදයන් ඔන්ලයින්

Latest Comments

නවතම පුවත්