Subscribe ByRSSorEmail

Published on Saturday, 08 June 2013 08:26

Pada-yathra 410px 08-06-13කතරගම වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන්  උතුරේ සිට පාද යාත‍්‍රාවේ යෙදෙමින් කතරගමට එන හින්දු බැතිමත්තු මේ වන විට දැඩි අසාධාරණයකට ලක්ව සිටින බව වාර්තාවේ.

ඇසළ උළෙල ආරම්භ කිරීමට සුදුසු නැකැත් නැති බව පවසමින් එය කල් දැමීම නිසා ඔවුන් මෙසේ අසාධාරණයට ලක්ව සිටි.

සුපුරුදු පරිදි වාර්ෂික ඇසළ උළෙලට සහභාගිවීම සඳහා ඔවුහු උතුරේ විවිධ ප‍්‍රදේශවල සිට දැනට පාද යාත‍්‍රාවේ යෙදී සිටිති. විශාල පිරිසක් මුලතිව් අම්මාන් කෝවිල දක්වා පැමිණ සිටිති. 07 වැනි දින පවත්වනු ලැබූ ආගමික උත්සවයෙන් අනතුරුව ඔවුහු පාද යාත‍්‍රාවෙන් පිටත්වීමට නියමිතව සිටියහ.

එහෙත් කතරගම ඇසළ උත්සවය හිටිහැටියේ දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් මහත් සිත් තැවුලකට ඔවුහු පත්ව සිටි.

සියවස් ගණනක සිට මෙම පාද යාත‍්‍රාව සිදු කෙරේ. උත්සවය ආරම්භ කරන දිනය නිශ්චිතව දන්වන්නේ නම් මුලතිව් සහ මඩකළපුව ආශ‍්‍රිතව මාසයක් දෙකක් හෝ නැවතී සිටීමට සැලසුම් කළ හැකි බව ඔවුහු කියති. එහෙත් උත්සව දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත.

Latest Comments

නවතම පුවත්