Subscribe ByRSSorEmail

Published on Thursday, 13 June 2013 08:05

Rajitha S-410pxධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා 2010.11.22 වැනිදා එම අමාත්‍ය ධුරය භාරගත් පසු විසිහත් වතාවක්‌ (27) නිල විදේශ සංචාරවල නිරත වූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇතැම් විරුද්ධවාදීන් ධීවරයන්ට හා ධීවර කර්මාන්තයට ධිවර ඇමතිවරයා කිසිවක්‌ සිදුකර නැති බව පෙන්වීමට ක්‍රියා කල ද, මෙලෙස විදේශ සංචාරය කරමින් මෙරට ධීවර කර්මාන්තය නඟා සිටුවීමට හා ධීවරයන්ට නවීන තාක්‍ෂණය හඳුන්වාදීමට ඇමැතිවරයා විශාල උත්සාහයක්‌ ගත් බව  එම අමත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසිය.

මෙරට ධීවරයාත්, ධීවර කර්මාන්තයත්, ජාත්‍යන්තර මට්‌ටමට ගෙන ඒම සඳහා එවැනි සංචාරවලදී සාකච්ඡා ගණනාවක්‌ සිදුකර ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.

ණය පහසුකම් සැපයීම, ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සැකසීම, යාන්ත්‍රික ධීවර බෝට්‌ටු සැපයීම මෙන්ම නෞකා නිරීක්‍ෂණ පද්ධතියක්‌ සැකසීම ආදී සැලසුම් සකසා ඇති බවත්, කඩාකප්පල්කාරීන් පිරිසක්‌ ධීවරයන් පෙරටු කරගෙන විරෝධතා පවත්වන්නේ පටු අරමුණින් බවත් එම නිලධාරියා තවදුරටත් පැවැසීය.

ධිවර ඇමතිවරයා මේදිනවල ද විදේශගතව සිටිය.

-දිවයින

Latest Comments

නවතම පුවත්