රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (14) පෙරවරුවේ අභාවප්රාප්ත විය.
මියයන විට 50 වැනි වියේ පසුවූ ඔහු ප්රසංග වේදිකාවේ ‘‘පොඩි ළමයා‘‘ භූමිකාව රඟ දක්වමින් රසික ලෝලීන් අතර ජනප්රියත්වයට පත්විය.
වසර 1967 නොවැම්බර් 20 වැනි ඡන්ම ලාබය ලැබීය.
වත්මන් සමාජයේ සිදුවන අසාධාරණය තෙමා කර ගත් ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ.
‘‘රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ‘‘ රසික ලෝලීන්ගේ හදවත්වලට කථා කළ එක් ගීතයකි . ‘‘අද නොකර කතා, ඇයි ඇතුන් මරන්නේ, ආනන්ද භවන්, අයුක්තියට හිස නමන්නේ නෑ‘‘ ඔහු ගායනා කළ ජනප්රිය ගීත කීපයකි.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) සවස කලණිය පිලපිටිය පොදු සුසාන භූමියේ දී සිදු කරන බව ඥාතීහු පවසති.
https://www.sinhala.srilankamirror.com/art/1857-deepal-silva#sigProIdf93c57774d