මොහුට එරෙහිව එල්ල වූ චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වීමත් සමග ඛාන් ව නිදොස් කොට නිදහස් කිරීමට එරට අධිකරණය කටයුතු කර ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ 1998දී ය. ඒ, කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත ගිනිඅවියක් ළඟතබාගැනීම හා පාවිච්චි කිරීමත් කන්කානි ගම්මානයේදී ඉතා දුර්ලභ සිවුපා සතකු වන කළු මුවන් (Black Buck) දෙදෙනෙකු දඩයම් කිරීමත් සමගයි.
මේ සම්බන්ධයෙන් ඛාන්ට එරෙහිව නඩු 4ක් ගොනු කර තිබුණු අතර, මින් නඩු දෙකකදී ඔහුව නිදොස් කොට නිදහස් කර තිබුණි. ඉතිරි නඩු විභාගයද අවසන් අදියරට පැමිණ ඇතැයි පැවසේ.