එහිදී පුබුදු ජයගොඩ, කේ. කේ. සමන් කුමාර, විදර්ශන කන්නන්ගර සහ උපුල් ශාන්ත සන්නස්ගල ඉහත කෘතිය පිළිබඳ දේශන පැවැත්වීමට නියමිතය.
සභාව මෙහෙයවීම සකී ආරච්චිගේ විසින් සිදු කිරීමට නියමිත අතර එයට Wakhan Thanka සංගීත කණ්ඩායමේ ශාක්‍ය වීරසිංහගේ සංගීත මියැසියකින් රස ගැන්වීමට ද නියමිතය .
‘හිරුත් එක්ක හෙලූවැල්ලෙන් ‘අහස පොත්’ ප්රකාශනයකි.
එහි පසුපිටෙහි මෙවැනි සටහනක් තබා තිබේ.
‘1989 නොවැම්බර් 13 රෝහණ විජේවීරගේ ඝාතනයෙන් මොහොතකට පෙර සහ 2009 මැයි 18 වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ඝාතනයෙන් මොහොතකට පසු අතර කාල-අවකාශය පුරා දිවෙන මෙහි කතා ආඛ්‍යායනය සැකසී ඇත්තේ සිංහල භාෂාවෙන් රචිත ගීත රැසක් ද කැටි කර ගනිමිනි. ඉහත මුඛ්‍ය ඝාතන දෙකෙහි කාල-අවකාශය අතරට නොයෙක් සිදුවීම්, චරිත කඩා වදිති. ලැගුම් ගනිති. ඉන් පිටවෙති. මෙම ප්‍රබන්ධයේ කතා නායකයා උක්ත සිදුවීම් සහ චරිත වල අඩංගු දෘෂ්‍ය-අදෘෂ්‍ය නග්න බව හා නග්න වෙමින් කටු පඳුරු-ගල්-කඳු-හෙල්-තැනිතලා-මි ටියාවත්-කුටුම්බ-පන්සල්-සාප්පු සංකීර්ණ-වෙළඳ ප්රචාරක දැන්වීම්-නිලංකාර ආලෝක කදම්බ-අනේකාකාර ජනී ජනයා පසුකරමින්, ඝාතන-ලේ වැගිරීම්-පහරදීම් මෙන්ම වාචික-මානසික-ශාරීරික-ලිංගික අඩන්තේට්ටම් අත්විඳිමින් දුවනුයේ සම්මුඛ වෙතැයි ප්‍රර්ථනාවෙන් යුක්ත ඔහුගේම වූ සත්‍යයක් උදෙසාය...’

