මේ වන විට චිත්රපටය තරමටම ජනප්රිය වී ඇත්තේ මෙහි තිබෙන ‘ලෙයිලා මෙයින් ලෙයිලා’ ගීතයයි.
සනී ලියොන් ගේ නර්තනයෙන් සැරසුනු මෙම දර්ශනය තිරගත වන විට ඊට අතිඋණුසුම් ප්රතිචාර දක්වන ප්රේක්ෂකයන් ගේ වීඩියෝ දසුන් කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ට්විටර් ඔස්සේ අදහස් දක්වා ඇති සනී පවසා ඇත්තේ මෙම වීඩියෝ නරඹා තමාට ලැබෙන ප්රේක්ෂක ප්රතිචාර සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත් වන බවයි.
මෙය ‘රෙයීස්’ චිත්රපටයේ නිෂ්පාදකවරුන් විසින් මුලින්ම මුදාහැරි ගීතය වන අතර, පසුගිය දෙසැම්බරයේදී මෙම ගීය එළිදැක්වීමත් සමග එයට ඉහළ ප්රේක්ෂක ප්රතිචාර හිමිවිය.
පහතින් දැක්වෙන්නේ එම ගීයයි.
රෙයීස් හි ‘ලෙයිලා මෙයින් ලෙයිලා’ ගීතයේ මුල් අනුවාදය වන්නේ 1980 දී තිරගත වූ කුර්බානී චිත්රපටයේ ‘ලෙයිලා ඕ ලෙයිලා’ ගීතය වන අතර, එහි දසුන් වලට පෙනී සිටියේ සීනත් අමාන් ය.