ඇය මේ බව පවසා තිබුනේ සඳුදා රාත්රියේදී ඇමෙරිකාවේ විකාශය කෙරුණු ‘ජිමී කෙමෙල් ලයිව්’ රූපවාහිනී වැඩසටහන අතරතුරේදීය.
මේ දින වල සිය දෙවැනි දරුවා අපේක්ෂාවෙන් සිටින නැටලි මෙහිදී පවසා ඇත්තේ තමාට කුසගිනි ඇතිවේද යන්න මේ දින වල ඇගේ සිතේ නිතර පවතින බිය බවයි.
කාර්යබහුල ජීවතයක් ගත කරන තමා නිවසෙන් පිට සිටින අවස්ථාවකදී කැමති ආහාර හමුවේදැයි සිතේ බියක් ඇතිවන බැවින් නිවසෙන් පිටත් වීමට පෙර යමක් අනුභව කිරීම සිරිතක් කොට ගෙන තිබෙන බව ඇය මෙහිදී පවසා තිබේ.