මේ සඳහා ජැක්මන් විසින් ම සැහැල්ලු යෝජනාවක් කර තිබේ.
රාජීව් මාසන්ද් නම් ඉන්දීය මාධ්‍යවේදියෙකු හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම මාධ්‍යවේදියා ජැක්මන් ගෙන් අසා ඇත්තේ ඉදිරියේදී වෙනත් නළුවෙකු මෙම චරිතය රඟපෑම සම්බන්ධයෙන් ඔහුගේ අදහසයි.
“මං බලාපොරොත්තු වෙනවා වෙනත් අය මෙම චරිතය කරාවි කියලා. සමහර විට ශාරුක්ඛාන් ට වුනත් පුළුවන් වේවි,” යැයි ඔහු පවසයි.
ජැක්මන් ගේ නවවැනි හා අවසන් වුල්වරීන් චිත්‍රපටය වන ලෝගන් හෙට (03) දිනයේදී ලොවපුරා සිනමාහල් වල එළිදැක්වීමට නියමිතය.