මේ තීරණය ගනු ලැබුවේ ඇගේ උපන්දිනය යෙදී තිබුණ ඉකුත් ජනවාරි 25 වැනිදා බව කියා සිටි නිශානි ඒ තමා එදින විවාහ වූ නිසා බවද පැවසුවාය.
සැමියාගේ ඉල්ලීමට අනුව කලාවෙන් මෙන්ම ව්‍යාපාරික කටයුතු වලින්ද ඉවත් වූ බව කී නිශානි වෙනත් අය මෙන් වසර දෙකක් පමණ කලා ක්ෂේත්රයෙන් ඉවත්ව සිට නැවත රංගනයට නොඑන බවද සඳහන් කළාය.
නිශානි මෙසේ විවාහ වී ඇත්තේ ප්‍රංශයේ සූපවේදියකු ලෙස කටයුතු කරන නිශාන්ත නැමැත්තෙකු සමඟයි.
ඔහු මේවන විට ප්‍රංශයට ගොස් ඇති බවත්, ඇය නිශාන්තගේ බාල හා වැඩිමල් සොයුරියන් දෙදෙනාත් පියාත් සමඟ මේ දිනවල සිටින බවත් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
ඇය රඟපෑමට මෙන්ම ෆේස්බුක් සමඟ ඇති සම්බන්ධයද අත්හැර දමා ඇතැයි පැවසේ.
නිශානිට නිශාන්ත හමුව ඇත්තේ යෝජනාවකින් වන අතර මුලින්ම චැට්කර පසුව ආදරය කර විවාහ වූ බවද ඇය අප සමග කියා සිටියාය.
කෙසේවුවද, සිය සැමියා මේවන විට ප්‍රංශයේ සිටින බැවින් ඇයව බලාගන්නේ සැමියාගේ සහෝදරියන් බවද ඇය පට පැවසුවාය.
ජයසේකර අපොන්සුගේ කිරා, භාෂා හා ටෙනිසන් කුරේගේ සිවම්මා ධනපාල වේදිකා නාට්‍යවල ප්‍රධාන නිළි චරති රඟ පෑ නිශානි මුතුකැට සිහිනයේ ටෙලියේ පොඩිනාගේ චරිතය රඟමින් රයිගම් ටෙලීස් හොඳම නැගීඑන නිළිය සම්මානයට ද නිරේදේශ වූවාය.
ඇය කොරලේ මහත්තයා හා ලොක්කයියා ටෙලිවලද චරිත මැවූ අතර රජ හොරු සිනමා පටයටද රංගනයෙන් දායක වූවාය.
https://www.sinhala.srilankamirror.com/art/2775-why-did-nishani-quit-acting-facebook#sigProId8002cddce8