මේ දක්වා තිරගත වුණු තෝර් හා ඇවෙන්ජර්ස් චිත්රපට වල තෝර් ගේ හිසකෙස් ඔහුගේ උරහිස් දක්වා දිගුව පැවතුනද Thor: Ragnarok චිත්රපටයේ දී ඔහුගේ හිසකෙස් කෙටි කර තිබේ.
තෝර් ගේ මෙම නව පෙනුව හෙළිදරව් කර තිබුණේ එන්ටර්ටේන්මන්ට් වීක්ලි සඟරාව විසිනි.
සිය නව පෙනුව සම්බන්ධයෙන් ක්රිස් අදහස් දක්වා තිබුණේ “හැමදාම උදේට මේකප් පුටුවේ පැයක් විතර ඉඳන් ඉන්න වෙන්නැති එක නම් හොඳයි,” බවයි.
එන්ටර්ටේන්මන්ට් වීක්ලි සඟරාවේ ඉන්ස්ටර්ග්රෑම් පිටුව විසින් මෙම චිත්රපටයේ රඟපාන නළු නිළියන් කිහිපදෙනෙකු ගේ රුව ඇතුළත් ඡායාරූප ද එක්කර තිබේ. ටොම් හිඩ්ල්ස්ටන් යළිත් ලෝකී ගේ චරිතය ට පණපොවනු ඇති අතර, මරණයේ දෙවඟන වන හේලා ගේ චරිතය කේට් බ්ලැන්චට් විසින් ද ග්රෑන්ඩ්මාස්ටර් ලෙස ජෙෆ් ගෝල්ඩ්බ්ලම් ද එක්වනු ඇත.
එන්ටර්ටේන්මන්ට් වීක්ලි විසින් ඉන්ස්ටර්ග්රෑම් වලට එක්කර ඇති ඡායාරූප කිහිපයකි මේ.