Mar 21, 2017

නෙට් එකේ අවලම් වැඩකරණ පැණි මකුළුවන් ළඟදීම

අලුත් සත්ව විශේෂයක් හඳුනා ගැනීමට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන යූ.ඒ. පල්ලියගුරු  සමත්ව ඇතිබවට පසුගිය දිනවල රාවයක් පැතිර තිබිණි.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ පල්ලියගුරුගේ අලුත් අළුත් සිනමා නිෂ්පාදනයට යොදා ඇති නම නිසා මේ රාවය පැතිර ඇති බවයි.
 
"පැණි මකුළුවෝ” ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඉසුරු වීරසිංහ මුදලි විසිනි.
 
දැලක් වියන්නට පමණක් වෙහෙස වී දැලේ පැටලෙන සතුන්ගේ මලකුණු හෙමින් හෙමින් බුදිමින් කුස පුරවා ගන්නා මකුළුවන් සේම අන්තර් ජාලයේ සැරිසරන වෙනස් මිනිස් කොට්ඨාසයක් සම්බන්ධයෙන් මේ සිනමා පටයෙන් කතා කෙරෙන බව පැවසේ.
 
පල්ලියගුරුගේ මේ සිනමා පටයෙන් අයිෂ් අතුකෝරාල, සිනමාවට ප්‍රවිශ්ඨවීමට නියමිත අතර බංග්ලාදේශ නිළි ප්‍රියෝනා ෆර්ලින් ද මේ සිනමා සිත්තම හරහා සිංහල සිනමාවට එක්වන බව වාර්තා වේ.
 
එසේම මෙහි සනත් ගුණතිලක හා දිනෙත් ද සිල්වා ද චරිත මවන බව පැවසේ.
Poster 1 01
 
P Wall 1
 
P Wall 2
 
P Wall 4
 
P Wall 5
 
 
 
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top