Sep 20, 2021

මැණිකෙට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් තනතුරක්!

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසයි.

යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී (NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව පවසා ඇත. 

එම පණිවිඩවල මෙසේද සඳහන් වේ.

“නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාළිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ ‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරාගෙන ඇත. වසර දහස් ගණනක් පැරණි ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයේ සැබෑ මිහිර සහ ගැඹුර මෙයින් පිළිබිඹු වේ.

E jZkrLXsAMJ8rrE jZlAPXMAE1HYIE jZlT4XoAIctQj

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top