Sep 21, 2021

මිස් ටීන් ඉන්ටනැෂනල් බොට්ස්වානා කිරුළ ලංකාවේ කෙල්ලකට

'මිස් ටීන් ඉන්ටනැෂනල් බොට්ස්වානා 2021' කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත්ව තිබේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙම කිරුළ දිනා ගැනීම තමන්ට මහත් අභිමානයක් බවත් මිස් ටීන් ජාත්‍යන්තර තරගය සඳහා තමන් සුදුසුකම් ලබන බවත්ය.

මෙම තරගය පෙරේදා (19) පැවැත්විනි.

17 හැවිරිදි ගිම්හානි බොට්ස්වානාහි පිලික්වේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

බොට්ස්වානා කිරුළ හිමි කර ගැනීමෙන් පසුව ඇය ප්‍රකාශ කර තිබුණේ, මිස් ටීන් ජාත්‍යන්තර කිරුළ දිනා ගැනීමට ද තමන් නොඉවසිල්ලෙන් පසුවන බවය.

ගිම්හානි පෙරේරා බොට්ස්වානාහි Livingstone Kolobeng Collegeහි ඉගෙනුම ලබයි.

Little Miss Princess Of The World - 2019/20 තරගයේ ද ඇය දෙවන ස්ථානය (Second Princess) හිමිකර ගෙන තිබේ.

ගිම්හානි පෙරේරාගේ පියා වන ඉන්දික පෙරේරා ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු 1990 වසරේදී බොට්ස්වානා වෙත පදිංචියට ගොස් ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top