Oct 03, 2021

මත්ද්‍රව්‍ය වැටළීමකදී ශාරුක් ගේ පුත්‍රයා අත්අඩංගුවට!

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය විසින් ශාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පනතේ 27 වැනි වගන්තිය යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.
 
මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ සුඛෝපභෝගී නෞකාවක පැවති සාදයකින් නීති විරෝධී මත්ද්‍රව්‍ය හමුවීමත් සමග සිදුකළ වැටළීමකදී ආර්යන් ඇතුළු 08 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
ආර්යන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකුද මුම්බාහි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත ගොස් ඇති අතර, වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ආර්යන්ව රෝහල්ගත කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 

ලැබුණු ඔත්තුවට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් කීපදෙනකු සිවිල් ඇඳුමින් සාදයට සහභාගී වී ඇත.

සාදය ආරම්භ වී ඇත්තේ නෞකාව මුම්බායි නුවරින් යාත්‍රා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුවය.

23 හැවිරිදි ආර්යන් ඛාන් ෂාරුක් ඛාන්ගේ වැඩිමල් දරුවාය.

ආර්යන් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි.

ෂාරුක් ඛාන් සහ බිරිඳ ගෞරි ඛාන්ට ආර්යාන්ට අමතරව සුෂානා නමැති 21 හැවිරිදි දියණියක ද අබ්රාම් නමැති අට හැවිරිදි පුතෙක් ද සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top