Oct 04, 2021

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ කොරෝනාවලින් මියයයි!

කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවිණ රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන සෑම ක්ෂේත්‍රයකම ඇය සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ රංගන ශිල්පිනියකි.

අසල්වැසියෝ, දත්කැකුළු පාලා ටෙලි නාට්‍යයවල මෙන්ම කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද ඇය සිය රංගන දායකත්වය ලබාදී ඇත.

රජෙක් වගේ පුතෙක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස සරසවි සම්මානයට ද ඇය පාත්‍ර වූවාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top