Oct 18, 2021

යොහානි ජනපති නිවසට යාවී....: මැණිකෙත් ගයාවී... (වීඩියෝ) Featured

‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොවම වශීකරගත් ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වා, ඊයේ (17) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට ගොස් තිබේ.

එහි ගිය යොහානි ජනපති හා ජනපති ආර්යා අයෝමා රාජපක්ෂ "ඉදිරියේ මැණිකේ මගේ හිතේ" ගීතය ද ගායනා කර ඇත.

එම හමුවට යොහානි සමඟ ඇගේ මවුපියන් වන මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා හා දිනිති ද සිල්වා යුවළත් කළමණාකරු ඩිලන්ජන් සෙනෙවිරත්න මහතාත් එක්ව සිටියහ.

ඔවුන් ඉදිරියේ යොහානි, එම ගීතය ගායනා කළ අයුරු පහත වීඩියෝවේ දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top