Oct 19, 2021

මැණිකේ එක්ක යොහානි බොලිවුඩයට යයි!

මේ වන විට 'මැණිකේ මගේ හිතේ' ගීයේ ප්‍රතිනිර්මාණය සමග ලොවපුරා අතිජනප්‍රිය වී ඇති ශ්‍රී ලංකීය ගායිකා - යොහානි ද සිල්වා, පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක් වෙනුවෙන් ගීයක් ගැයීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය මෙලෙස ගයනු ඇත්තේ 'මැණිකේ මගේ හිතේ' ගීයේ හින්දි අනුවාදයයි.

ඒ, අජේ දේව්ගන්, සිද්ධාර්ථ් මල්හෝත්‍රා හා රාකුල් ප්‍රීත් සිං රංගනයෙන් එක්වීමට නියමිත 'තෑන්ක් ගෝඩ්' නම් චිත්‍රපටය වෙනුවෙනි.

මෙම චිත්‍රපටය ලබන වසරේදී එළිදැක්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top