ඒ, ඉන්දියාවේ වැඩිම සිනමාහල් ප්‍රමාණයක තිරගත වීමට නියමිත චිත්‍රපටය බවට පත්වීමෙනි.
මෙම චිත්‍රපටය ඉන්දියාව පුරා සිනමාහල් 6,500ක තිරගත වීමට නියමිතය. මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ ඉන්දියාව පුරා සිනමාහල් 4,300ක තිරගත වූ සුල්තාන් චිත්‍රපටයයි.
මේ වන විට බාහුබලී 2 හි පූර්ව ප්රචාරක පටයද නිකුත් වී ඇති අතර එය පහත දැක්වේ.
බාහුබලී හි තේරුම යනු ’ශක්තිමත් දෑත් ඇත්තා’ යන්නයි.
අප්‍රේල් මස 28 වැනි දා ඉන්දියාවේ තිරගත වීමට නියමිත බාහුබලී 2, 2009 සහ 2012 වසරවලදී ලොව වටා ඉමහත් ප්‍රසිද්ධියට පත්වුණ චිත්‍රපටයක් වන මගධීරා (MAGADHEERA) සහ ඊගා (EEGA) චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු S.S. RAJAMOULI (එස්.එස්.රාජාමොලි) විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.
ප්රබහාස්, අනුශ්කා ශෙට්ටි, තමන්නාහා, රානා ඩාගුබතී මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන බාහුබලී 2, එහි පළමු චිත්‍රපටය වන ‘බාහුබලී : ද බිගිනින්’ (Baahubali: The Beginning) අවසන් වූ ස්ථානයේ සිට ඇරඹෙයි.