Nov 20, 2021

රංචාගොඩ ළමයාගේ අවසන් කටයුතු අද 

අභාවප්‍රාප්ත වූ ප්‍රවීන පුවත්පත් කලාවේදී සිරිලාල් කොඩිකාර මහතාගේ අවසන් කටයුතු අද (20 - සෙනසුරාදා) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

දේහය මහජන ගෞරවය සඳහා අද උදෑසන සිට ජයරත්න මල් ශාලාවේ තැන්පත්කර තිබේ.

මහනුවර, තලාතුඔයදී 1924 අගෝස්තු 27 උපන් සිරිලාල් කොඩිකාර මියයන විට 97 වැනි වියෙහි පසු විය. 

වසර 1948දී ආරම්භ වූ ‘සිංහල ජාතිය’ පුවත්පතෙන් පුවත්පත් කලාවට පිවිසි සිරිලාල් කොඩිකාර මහතා ‘දවස’ සහ ‘ඇත්ත’ යන පුවත්පත්වල ද සේවය කළ අතර, ජනතාව වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදියකු විය.

එමෙන්ම ඒ යුගයේ බොහෝ ජනප්‍රිය වූ ‘රංචාගොඩ ළමයා‘ කාව්‍ය විශේෂාංගයද ඔහුගේ නිර්මාණයක් විය. පසුකාලීනව එය සිළුමිණටද ලියන ලදී.

ගුරුවරයකු වූ අනුලා වීරසූරිය සමඟ විවාහ වූ සිරිලාල් තිදරු පියෙකි.

ඔහුගේ කනිටු පුත්‍රයා වූ පසන් මෙයට වසර කීපයකට පෙරදී මිය ගියේය.


 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top