මෙම රාවයට මූලික වී ඇත්තේ අන්තර්ජාලයේ පැතිරගිය ඡායාරූපයක් හේතුවෙනි.
මෙම ඡායාරූපයේ සිටින්නේ පිටුපසට හැරී සිටින සෝනු හා සචින් ය. සචින් අත මයික්රොෆෝනයක් හා සෝනු අත ක්රිකට් පිත්තක් ද ඇති මෙම ඡායාරූපය ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ මහත් ආන්දෝලයට ලක්විය.
කෙසේවෙතත්, මෙම ඡායාරූපය පසුපස ඇති රහස පිළිබඳව dnaindia.com වෙබ් අඩවිය වාර්තා කරන ඇත්තේ මෙසේය.
ඉදිරියේදී එළිදක්වනු ලබන ටෙන්ඩුල්කාර් ගේ ජීවිතය ඇසුරෙන් තැනුනු 'Sachin A Billion Dreams' චිත්රපටය වෙනුවෙන් ගීතයක් සෝනු විසින් ගායනා කර තිබේ. මෙම චිත්රපටයේ තමා ලෙසම සචින් පෙනී සිටිනු ඇති අතර, එහි පූර්ව ප්රචාරක පටයක් ඉදිරි සති කිහිපයේදී එළිදැක්වීමට නියමිතය.