පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශ ආරම්භ කෙරුණේ, 1982 වසරේ පෙබරවාරි 15 වැනිදාය.
මෙය ජපාන රජයෙන් ලැබුණු පරිත්‍යාගයකි.
හීන්කෙන්දට මොකද වුණේ?
මේ සැමරුම් අතරතුර, රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ඊයේ (14) සිය ඉල්ලා අස්වීම ලබාදී තිබේ.
අදාළ ඉල්ලා අස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදී ඇති බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් අප ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී ඔහු එය සනාථ කළේය.
කෙසේවුවද, ඊයේ (14) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවට ද හීන්කෙන්ද මහතා එක්ව සිටි බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
නාට්‍යක් ගැනීමේ ගනුදෙනුවක අවුලක්!
රූපවාහිනියේ නාට්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේපිත නාට්‍යක් එහි අධ්යක්ෂ ජනරාල්වරයා හා සභාපති සොනාල ගුණවර්ධන මහතා එක්ව ලබා ගනිමින් රූපවාහිනිය විකාශය කිරීම මෙසේ අධ්යක්ෂ ජනරාල්වරයාට ඉවත්යාමට හේතුවී ඇතැයි පැවසේ.
මේ නාට්‍ය ගැනීමට මොවුන් අල්ලස් ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට ලැබී ඇතැයි පැවසේ.
මේ අතර, ජාතික රූපවාහිනියට නාට්‍ය 2ක් ගැනීමේදී සිදු කළ අක්‍රමිකතා ඇතුළු රූපවාහිනියේ යූ ටියුබ් නාලිකාව සමාන්තර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන "ටීවී දෙරණ" හි ඩිජිටල් ක්‍රියාකාරිත්වය මෙහෙයවන "අයිඩියාහෙල් (IdeaHell)" වෙත ලබාදීම සම්බන්ධයෙන් ද මේවන විට එහි සභාපති සොනාල ගුණවර්ධන මහතාට චෝදනා එල්ලවී ඇති බව පැවසේ.
ඒ සම්බ්නධයෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් වාර්තා වේ.
සබැඳි පුවත්
සොනාල බිස්නස් අරඹයි: රූපවාහිනියේ යු ටියුබ් දෙරණට