Mar 08, 2022

ආලියා හොලිවුඩ් පුරයට! Featured

මේ වන විට ගංගුබායි කාඨියාවාඩී චිත්‍රපටයේ සිදුකළ රංගනය හේතුවෙන් බොලිවුඩ් පුරයේ දැඩි ලෙස පැසසුමට ලක්ව සිටින ආලියා භාත්, සිය මංගල හොලිවුඩ් නිෂ්පාදනය හා එක්වීමට නියමිත බවද වාර්තා වේ.

නෙට්ෆ්ලික්ස් ඉන්ඩියා හි නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට අනුව ඇය එක්වීමට නියමිත වන්නේ 'හාට් ඔෆ් ස්ටෝන්' ලෙස නම් කර ඇති ත්‍රාසජනක චිත්‍රපටයකටය.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඇය සමග ගැල් ගැඩොට් හා ජේමී ඩෝමන් රඟදැක්වීමට නියමිත වීමයි.

'වොන්ඩර් වුමන්' ලෙස ගැල් ගැඩොට් ලොවම වසඟයට ගත් අතර, 'ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ' චිත්‍රපට වල ක්‍රිස්ටියන් ග්‍රේ ගේ චරිතයට පණපෙවූ ජේමී ඩෝමන් එම චිත්‍රපට පෙළ ඔස්සේ දැවැන්ත ලෙස ජනප්‍රියත්වයට පත්විය.

AliyaBatt

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top