Mar 14, 2022

'ද පවර් ඔෆ් ද ඩෝග්', බෆ්තා උළලේ හොඳම චිත්‍රපටය වෙයි

වසර 2022 බෆ්තා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක් වන 'ද පවර් ඔෆ් ද ඩෝග්' සම්මානයට පාත්‍ර විය.

එහි අධ්‍යක්ෂිකාව වන ජේන් කැම්පියන් හට හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානයද හිමිවිය.

කෙසේවෙතත්, එහි ප්‍රධාන චරිතයට පණපොවන බෙනඩික්ට් කම්බර්බැච් හට හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට නොහැකි වූ අතර, එහි හිමි වූ කිං රිචර්ඩ් හි රඟපෑ විල් ස්මිත් හටයි.

මීට අමතරව, හොඳම නිළියට හිමි සම්මානය 'ආෆ්ටර් ලව්' හි ජොඇනා ස්කෑන්ලැන් දිනාගත්තාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top