Mar 15, 2022

ශිවන්‍යා මේ සතියේ ලංකාවට එයි! (වීඩියෝ) Featured

ප්‍රේම දඩයම ලෙස මෙරට විකාශය වූ ඉන්දියාවේ මෙගා ටෙලි නාට්‍යයක් වන 'නාගීන්' ඔස්සේ මෙරට ජනප්‍රියත්වයට පත් ඉන්දීය නිළි - මෝනි රෝයි මෙම සතියේ ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

තිකෝ ෆිල්ම්ස් හි ආරාධනයෙන් ඇය මාර්තු 19දා මෙරටට පැමිණෙන්නේ මායා 2 චිත්‍රපටයේ මුහුරත් උළෙලටයි.

මෙම මුහුරත් උළෙල මාර්තු 19දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

'ක්‍යුන්කි සාස් භි කභි බාහු ති' හි ක්‍රිෂ්ණතුල්සිගේ චරිතයත්, .දේවොන් කේ දේව්...මහාදේව්' හි සති දේවතාවියගේ චරිතයත් සහ 'නාගින්' හි ශිවන්‍යා සහ ශිවංගි ද්විත්ව චරිත ඔස්සේ ඇය ලොවපුරා රසිකරසිකාවියන් ගේ ආදරයට ලක්විය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top