Mar 27, 2022

මයිලි සයිරස් ගේ ගුවන් යානයට අකුණක් ගහලා!

ජනප්‍රිය පොප් ගායිකා මයිලි සයිරස් ගමන් කරමින් සිටි ගුවන්යානයකට අකුණුසැර වැදී ඇති බව වාර්තා වේ.

පසුගියදා මුහුණදුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය ඉන්ස්ටර්ග්‍රෑම් හි සටහනක් තබා ඇත.

ඇය මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ පැරගුවේ හි වාර්ෂිකව පැවැත්වෙන Asuncionico නම් සංගීත සැනකෙළියට සහභාගී වීමට යන අතරතුරදී

මෙම සිද්ධියෙන් පසුව යානය හදිසියේ ගොඩබැස්සවූ බවත්, ඇය සමග සිටි සිය කණ්ඩායම, මිතුරුමිතුරියන්, පවුලේ සාමාජිකයන් කිසිවෙකුට අනතුරක් නොවුනු බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

කෙසේවෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් ඇයට පැරගුවේ වෙත යාමට නොහැකි වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top