පසුගියදා පැවති 94 වැනි ඔස්කා සම්මාන උළෙලේදී විකට නළු ක්රිස් වෙත පහරදීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බව විල් ස්මිත් අදාළ නිවේදනයෙන් සඳහන් කර තිබේ.
තමා විසින් සිදුකළ එම ක්රියාව සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවන බවත් ඒ පිළිබඳව ඔස්කා ඇකඩමිය විසින් ගන්නා ඕනෑම තීරණයකට තමා එකඟවන බවත් ඔහු සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඔස්කා සම්මාන උළෙල පැවැත්වෙන අතරතුර එම උළෙලේ නිවේදන කටයුතු සිදුකළ ක්රිස් විසින් විල් ස්මිත්ගේ බිරිඳට සිදුකළ විහිලු සහගත ප්රකාශයක් හේතුවෙන් විල් ස්මිත් විසින් එම අවස්ථාවේ එම නිවේදකයාට පහරදීමක් සිදු කළේය.
ක්රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීමෙන් පසු යළි සිය අසුන වෙත පැමිණි විල් ස්මිත් නුඹේ වැඩකට නැති විහිළුවලට මගේ බිරිය ඈඳා ගන්න එපා‘ යැයි මහ හඬින් මොර දුන්නේය. ඒ මොහොතේ ඔහුගේ බිරිය ද අසල අසුන් ගෙන සිටියාය.
කෙසේ වුවත් පසුව විල් ස්මිත් මේ සිදුවීම පිළිබඳ සිය කනගාටුව පළ කළ අතර, සම්මානය දිනා ගැනීමෙන් පසුව ආරාධිතයන් අමතා සිදු කළ කතාව වඩාත් හැඟීම්බර විය.