Apr 06, 2022

Shape of You ප්‍රකාශන හිමිකම් නඩුවෙන් එඩ් ෂීරන් ට ජය

වසර 2017දී නිකුත් වූ ගායක එඩ් ෂීරන් ගේ අතිජනප්‍රිය Shape of You ගීතය හා සම්බන්ධ ප්‍රකාශන හිමිකම් සටනකින් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වී තිබේ.

මෙම ගීය 2015දී එළිදැක්වුනු Oh Why ගීතයේ කොටස් සොරකම් කර ඇතැයි නඩුවක් ගොනු කර තිබුණි.

එහෙත් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය තීන්දු කර ඇත්තේ එවැනි ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදුවී නැති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top