එසේම නේත්‍රා සහ අයි නාලිකාවේ මෙතෙක් නිෂ්පාදනය කෙරුණු සියලුම වැඩසටහන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
පවතින ඉන්ධන හා විදුලි අර්බුදය පිටින් යවමින් මේ නිෂ්පාදනයන් අත්හිටුවා ඇතත්, රූපවාහිනිය මේවන විට බංකොළොත් තත්ත්වයට පත්වීම මෙයට ප්‍රධාන හේතව බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගිය ජනවාරි 11 වැනිදා එහි සභාපතිධූරයට පත් වත්මන් සභාපති සොනාල ගුණවර්ධන මහතාගේ ධූරකාලය මාස තුනක් ඉක්මයාමට ද පෙර මෙසේ රූපවාහිනිය බංකොළොත්වීම ඔහුගේ අදූර දර්ශී තීන්දු නිසා සිදුවූවක් බව එහි සේවකයෝ ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
වත්මන් සභාපතිවරයා පත්වීමෙන් පසුව රූපවාහිනිය වෙත සෘජුවම ලැබුණු එහි යූටියුබ් ආදායමද "අයිඩියාහෙල් (IdeaHell)" වෙත හැරවීමට කටයුතු කිරීම නිසා මේවන විට රූපවාහිනියට එම ආදායමද අහිමිව තිබේ.
බක් හබක්වීම
මේ අතර, රූපවාහිනිය විසින් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මීමුරේ පැවැත්වීමට සංවිධානය කර තිබූ අවුරුදු චාරිත්‍ර වැඩසටහන ද, නිකවැරටියේ පැවැත්වීමට සංවිධානය කර තිබූ සංගීතප්රසංගයද අත් හිටුවීමට පියවර ගෙන තිබේ.
නිකවැරටියේ සංගීත ප්‍රසංගය අත්හැර දමා ඇත්තේ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම ප්‍රසංගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට සූදානම්ව සිටියද වත්මන් දේශපාලන වාතාවරණය හේතුවෙන් එවැන්නක් කිරීම සුදුසු නොවන නිසා යැයි පැවසේ.
කෙසේවුවද, රූපවාහිනියේ අවුරුදු කිරීමට මීමුරේ නිවසක් ලබාදීමට එහි වැසියන් සිය අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා එහි සේවකයන්ගේ බරපතල විරෝධය මධ්‍යයේ සභාපතිවරයා විසින් පසුතලයක් ගසා මීමුරේ අවුරුදු කෑමට සූදානම්වීව සිටි බවත්, එය අහෝසිවීම යහපත් බවත් රූපවාහිනී සේවකයෝ කියති.
මේ අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන මනෝරම විරසිංහ මහතා "ජාතික රූපවාහිනිය බංකොලොත් වී ඇති බව වාර්තා වේ." යනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ පලකරන ලද පොස්ටුව රූපවාහිනියේ වත්මන් සභාපතිවරයා හා එහි පාලනයට බරපතල ලෙස චෝදනා එල්ල කර තිබේ.
එය පහත දැක්වේ.
සබැඳි පුවත්:
රූපවාහිනී ලොක්කෝ දෙරණ හා ගිවිසුම අත්සන් කිරීම මඟහරිති!
රූපවාහිනියේ ඩිජිටල් ආදායම දෙරණට දී පඩි ගෙවන්න ට්‍රෙෂරියෙන් සල්ලි ඉල්ලයි
YouTube දෙරණට දුන්නට රූපවාහිනියට, සභාපතිට අතුරු තහනම් නියෝගයක්
සොනාල බිස්නස් අරඹයි: රූපවාහිනියේ යු ටියුබ් දෙරණට
රූපවාහිනියේ අනන්‍යතාව සභාපති කෙළෙසයි; දෙමළත් හලයි