Apr 09, 2022

විකට නළුවාට කණට ගැසූ සුපිරි නළුවාට දඬුවම් ලැබෙයි Featured

අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පසුගියදා පැවැති 94වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධිය හේතුකොට ගෙනය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් එහිදී සාමාව අයැද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස්වී තිබුණි.

සබැඳි පුවත්

විකට නළුවාට කණට ගැසූ සුපිරි නළුවා ඔස්කා හැරයයි

ඔස්කාර් නිවේදකයාට හොඳම නළුවාගෙන් කම්මුල් පාරක් (වීඩියෝ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top