එහි ප්රධාන චරිත වලට ශිල්පා ශෙට්ටි, අක්ෂේ කුමාර් හා සුනිල් ෂෙට්ටි පණපෙවූ අතර, ඒ වසරේ හොඳම දුෂ්ටයා හට හිමි වන ෆිල්ම්ෆෙයාර් සම්මානයද හිමිවූයේ සුනිල් ෂෙට්ටි හට ය.
එම වසරේ වැඩිම ආදායම් ලද බොලිවුඩ් චිත්රපට අතුරින් සිවුවැනි ස්ථානයට පත් ධඩ්කන් චිත්රපටය ප්රතිනිර්මාණය කිරීම සඳහා සූදානමක් ඇතැයි මේ වන විට රාවයක් පැතිරේ.
මෙම රාවයට පාදක වී ඇත්තේ IANS පුවත්සේවාව සමග සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටි ශිල්පා ෂෙට්ටි විසින් සිදුකළ ප්රකාශයකි.
ඇය පෙනී සිටි චිත්රපට හා ගීත වල ප්රතිනිර්මාණ දැකීමට කැමතිදැයි ශිල්පා ගෙන් ඇසූ විට ඇය ලබාදී ඇත්තේ මෙවැනි පිළිතුරකි.
“මං ඒ ගැන හිතලා නෑ. ඒක නිෂ්පාදකයා හා අධ්යක්ෂකවරයා මත තීරණය වෙන දෙයක්. ධඩ්කන් නම් ප්රතිනිර්මාණගත කෙරෙනවා මං හිතන්නෙ.”
කෙසේවෙතත් තවමත් මේ සම්බන්ධයෙන් කිසිවෙකු විසින් කිසිඳු නිල ප්රකාශයක් සිදු කර නොමැත.
(TOI ඇසුරෙනි)