මිය යන විට 79 වන වියේ පසූ වූ විල්සන් කරුණාරත්න මහතා කලක් රෝගාතුරව පසුවුණි.
සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස විරුදාවලිය ලත් විල්සන් කරුණාරත්නයන් සටන් නළුවකු ලෙස ජනප්රියත්වයක් උසුලනු ලැබිණ.
සිංහල සිනමාවට ‘හදවත් නැත්තෝ’ චිත්රපටයෙන් රංගනයට පිවිසි විල්සන් කරුණාරත්නයන් ජීවන ගංගා, සරදියෙල්ගේ පුතා, කෝ හතුරෝ ඇතුළු ජනප්රිය චිත්රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.