May 18, 2022

ද ගේම් බලන්න රන්ජන්ට අවස්ථාව නොදුන් ගේම් එක කාගෙද? (වීඩියෝ) Featured

බන්ධනාගාරගතව සිර දඬුවම් විදින රන්ජන් රාමනායක මහතා සිරගතවීමට පෙර රඟපෑ අවසන් චිත්‍රපටය වන "The Game" චිත්‍රපටයේ මංගල දර්ශනය හෙට 19 වැනිදා කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත් වේ.

හෙට (19) සිට මේ සිනමා පටය දිවයින පුරා ප්‍රදර්ශනය වන අතර මෙහි මංගල දර්ශනය නැරඹීමට කෙටි වේලාවකට රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස එහි අධ්‍යක්ෂ සුරංග ද සිල්වා මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

සුරංග ද සිල්වා මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීම පහත දැක්වේ.

SurangadeAlwis

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top