May 27, 2022

ජාත්‍යන්තර බුකර් සම්මානය, පළමු වරට ඉන්දීය ලේඛිකාවකට

ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගැනීමට ඉන්දීය ලේඛිකා - ගීතාංජලී ශ්‍රී සමත් වී තිබේ.

ඇය, ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගත් පළමු ඉන්දීය ජාතිකයා ලෙස ඉතිහාසගත වේ.

ඇයගේ නවකතාව Tomb of Sand, ඉන්දියාව දෙකඩ කිරීමේ අඳුරු සෙවනැළි සිටින 80 හැවිරිදි කාන්තාවක් සිය සැමියාගේ අභාවයෙන් පසුව මුහුණදෙන සිද්ධි මාලාවක කතාපුවතකි.

මෙම ජයග්‍රහණයත් සමග පවුම් 50,000ක මුදල් ත්‍යාගය ගීතාංජලී හා Tomb of Sand ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ ඩේසි රොක්වෙල් අතර බෙදෙනු ඇත.

Tomb of Sand යනු මෙම සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ පළමු හින්දි භාෂා කෘතියද වේ.

"මම කවදාවත් බුකර් ගැන සිහින මැව්වේ නැහැ, මම කවදාවත් හිතුවේ නැහැ මට පුළුවන් කියලා," යැයි ගීතාංජලී මහත්මිය පවසයි.

ජාත්‍යන්තර බුකර් ත්‍යාගය සෑම වසරකම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කරන පොතක් සඳහා පිරිනමනු ලැබේ.

මෙය ඉංග්‍රීසි නවකතා සඳහා වන මෑන් බුකර් ත්‍යාගයට වඩා වෙනස් වේ. අතීතයේදී අරුන්දතී රෝයි සහ අරවින්ද් අඩිගා වැනි ඉන්දියානු ජාතිකයන් මෑන් බුකර් ත්‍යාගය දිනාගෙන තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top