මෙවර බුන්කා සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා කලාකරුවන් මෙසේය.
1. රැවන්ති ද චිකේරා (වේදිකා නාට්‍ය)
2. සුලෝචනා දිසානායත (රූකඩ)
3. කිෂානි ජයසිංහ (සංගීතය)
4. විමුක්ති ජයසුන්දර (සිනමාව)
5. ආචාර්ය එස්. ජයසංකර් (වේදිකා නාට්‍ය)
ජපානයේ සංස්කෘතික බෙර සංදර්ශනයක් ද එම අවස්ථාවේදී පැවැත්වුණි.
අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම සම්මාන උළෙලට එක්විය.
වාර්ෂිකව පවත්වෙන බුන්කා සම්මාන උළෙල ප්‍රථම වරට ඇරඹුනේ 1993 වර්ෂයේදීය.