චෙයියාර් රවී විසින් අධ්‍යක්ෂණය කර ඇති ධර්මයුද්ධය මින් පෙර හින්දි, ද්‍රවිඩ ඇතුළු භාෂා කිහිපයකින් නිෂ්පාදනය කළ චිත්‍රපටයකි. කේ. එස් චම්මන්ත් රාඡ් නිර්මාණ විධායක නිෂ්පාදකවරයා ලෙස ධර්මයුද්ධයට දායක වී ඇත.
ස්වෝත්සාහයෙන් දියුණු වූ ව්‍යාපාරිකයකු වන හරිශ්චන්ද්‍ර ප්‍රදේශයේ කාගේත් සිත් දිනා ගත් අයෙකි. සිය තරුණ බිරිඳත්, දියණියන් දෙදෙනාත් තම ජීවිතයේ එකම සම්පත සේ සලකන ඔහු සිය විනෝදාංශය වන චිත්‍රපට නැරඹීමට මහත් සේ කාලය වැය කරයි.
හරිශ්චන්ද්‍රගේ ආදරණීය කැදැල්ලට ඇතුළු වන නන්නාඳුනන ආගන්තුකයකු නිසා ඔහුගේත්, බිරිඳගේත් දරුවන් දෙදෙනාගේත් ජීවිත අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් වැසී යයි.
දේශපාලන බලපුළුවන්කාරිනියක වන විශාකා, සිය අතුරුදන් වූ දරුවා සොයා බලයත් නීතියත් සියතට ගන්නේ තම දේශපාලන බලය උපරිමයෙන් භාවිතා කරමිනි. සටකපට පොලිස් නිලධාරියකු ඇය වෙනුවෙන් පෙනී සිටී.
පිය සෙනෙහසට කොතරම් දුර යා හැකිද? මවු සෙනෙහසට මොනතරම් දේ කළ හැකිද? එහි හරි වැරැද්ද තීරණය කරන්නේ කවුද? යහපත අයහපත අතර යුද වදින මාපිය සෙනෙහස නීතිය ඉදිරියේ ජය ගනීද?
ප්‍රශ්නාවලියට පිළිතුරු ධර්මයුද්ධය විසින් ලබා දෙනු ඇත.
ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ඩග්ලස් රණසිංහ, කුසුම් රේණු, කුමාර තිරිමාදුර, තිසුරි යුවනිකා, විනුම් වන්සඳ, ආරියසේන ගමගේ, වසන්ත කුමාරසිරි, අවන්ති අපෝන්සු, රොෂාන් පිලපිටිය, ආනන්ද අතුකෝරල සහ දනුක දිල්ශාන් රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණය සචිත් පීරිස්ය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගීපද ලියා ඇත. කැමරාව ෂන්මුගම් සරවනන්ය. කතාව ඡේතු ජෝෂජගෙනි. දෙබස් රචනය ප්‍රගීත් එස්. රත්නායකය. කලා අධ්යක්ෂවරයා මංජුල අයගමය.
https://www.sinhala.srilankamirror.com/art/5186-dharmayudhdhaya#sigProIda6f8c85d67