මේරි මුලින්ම පුරුදු වී ඇත්තේ අකොස්ටික් (Acoustic) ගිටාරයයි. ඒ වන විට ඇය 60 වියේ පසුවිය. ඇය ඉලෙට්‍රික් ගිටාර් වාදනයේ නිරත වීම ආරම්භ කරන්නේ ඊට පස්වසරකට පසුවයි.
“මං ගිටාරය වාදනය කරද්දි මං ඒ සංගීතය තුළ හුදකලාවෙනවා. එතකොට සිතට හරිම නිස්කලංකයක්, සතුටක් දැනෙනවා. මං මුලින්ම ගිටාර් වාදනය කරන්න ගන්නකොට මට 60ක්. මං සංගීතය ඉගෙනගෙන නෑ. මගේ ඇඟිලි තත් වලට කැපිලා ලේ එනකල් මං පුහුණුවෙනවා.”
මේ වන විට ඇය සිංගප්පූරුවේ වාර්ෂිකව පැවැත්වෙන ජාතික දිනය සඳහා ද ඇගේ ගිටාර් වාදනයක් පැවැත්වීමට නියමිතය.
(වීඩියෝ : බීබීසී ලෝක සේවය)