Jan 31, 2017

බ්ලූමවුන්ටන් අධිපතිට 'යංසය' කොස්සක් වෙලා

මෙරට ප්‍රමුඛතම දේපල වෙළෙඳ සමාගමක් වන බ්ලූ මවුන්ටන් හි සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පසුගියදා කැලණිය විශ්ව විද්‍යාලයේ දී සිය ජීවන අත්දැකීම් කිහිපයක් බෙදාහදාගත්තේය.

ඒ, කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ‘Futurepreneur’ සඟරාවේ එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

වාණිජ හා මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ තරුණ ව්‍යවසායකයින් ගේ සංගමය විසින් පැවැත්වූ 2016 ව්‍යාවසායක දිනයේදී මෙම සඟරාව එළිදැක්වූනු අතර, මෙම අවස්ථාවට 300 දෙනෙකු පමණ සහභාගී විය.

මෙහිදී විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අමතන අතරදී ඔහු සිය නම වෙනස් කිරීමට සිදුවූ අයුරු ද පැවසුවේය.

තමාගේ සැබෑ නම හිරණ්‍ය වන නමුත් බොහෝ ශ්‍රී ලාංකිකයන් ට 'යංසය' උච්ඡාරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් තමා හිරාන් වූ බව ඔහු මෙහිදී සඳහන් කළේය.

කෙනෙකු විසින් සිය අභ්‍යන්තර හැකියාවන් හඳුනාගෙන එය ප්‍රායෝගිකව භාවිතා කරන අයුරු ඇතුළු තරුණ ව්‍යවසායකයන් සඳහා අත්‍යවශ්‍ය කරුණු කාරණා රාශියක්ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙහිදී වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහතින්  :


HiranHettiarachchi2 900px 17 01 31

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top