මෙම ගණුදෙනුවෙන් විශාල කොමිස් ලබාගෙන ඇතැයි පකිස්තානු මාධ්‍ය සඳහන් කර ඇති අතර, PIA හි දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇරඹී ඇති මෙම පරීක්ෂණය පිළිබඳව සැළවීමත් සමග ලොවපුරා ගුවන්සමාගම් කැළඹී ඇතැයි පැවසේ.
PIA විසින් ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් ගුවන් යානා බද්දට ගෙන ඇත්තේ ඉතා ඉහළ මුදලකට බව ෆෙඩරල් පරීක්ෂණ ඒජන්සියේ නිලධාරියෙකු පැවසූ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
බදු ගිවිසුම යටතේ ශ්‍රී ලංකන් සමාගම විසින් පැයට ඇමෙරිකානු ඩොලර් 8100 ක් බැගින් අයකර ඇති බවත්, සාමාන්‍යයෙන් අයකරනු ලබන්නේ පැයකට ඇමෙරිකානු ඩොලර් 6000 ක් බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
PIA සමාගමට අවාසි සහගත මෙම ගණුදෙණුවේදී කිසියම් අතරමැදියෙකු විසින් දැවැන්ත මුදලක් ගසා කා ඇතැයිද පකිස්තානු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් මෙලෙස එයාර්බස් A330 යානයක් ලබාදී ඇත්තේ ‘වෙට් ලීස්’ බදු ක්‍රමයට අනුවයි. කාර්ය මණ්ඩලය, නඩත්තු කිරීම්, රක්ෂණය ඇතුළුව ගුවන් යානයක් බදුගැනීම ‘වෙට් ලීස්’ බදු ක්‍රමය යනුවෙන් හැඳින්වේ. මෙලෙස ලබාගත් එයාර්බස් A330 යානය වෙනුවෙන් ගෙවීමද නියමිත වාරිකයද PIA විසින් ප්‍රමාද කර ඇති අතර, ඒ සඳහා ඔවුන් වට්ටමක් ද ඉල්ලා ඇත.