Feb 09, 2017

හච් වෙතින් ඔන්ස්ක්‍රීන් බඩී

ලංකාවේ වේගවත්ම ව්‍යාප්ත වන මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක් වන හච් වෙතින් සිය පාරිභෝගිකයන් හට තවත් නවමු අත්දැකීමක් එක්කිරීමට කටයුතු කර තිබේ.

ඒ, ‘ඔන්ස්ක්‍රීන් බඩී’ ලෙස හැඳින්වෙන නව පහසුකමයි.

සාමාන්‍යයෙන් ජංගම දුරකතන හෝ උපාංග වලින් අන්තර්ජාලයට පිවිසෙන්නන් හට දත්ත පැකට් (data packs) සක්‍රීය කිරීමට හා ගිණුම් ශේෂය බලාගැනීමට කෙටි කෝඩ් එකක් මතක තබාගැනීමට හෝ ඊට විශේෂිත වූ ඇප් එකක් බාගැනීමට සිදුවේ.

‘ඔන්ස්ක්‍රීන් බඩී’ සමග ඒ කිසිවක් අවශ්‍ය නොවන අතර, මෙමගින් ඉහත ක්‍රියා දෙකම, භාවිතා කරන බ්‍රවුසරයේ සිටම කරගත හැකිවේ. කළයුතු වන්නේ බ්‍රවුසර් පිටුවේ කෙළවරක ඇති හච් ලාංඡනය ටැප් කිරීම පමණි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top