මෙම සමාගම් ආරම්භ කළ මුල් අවස්ථාවේ සිට වීදුරු බෝතල් යොදා ගනිමින් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර ඇතත් වර්තමානය වනවිට අදාල සමාගම් තුනම පරිසර හානියට තුඩු දෙන ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් ඇතැයි වාර්තා වේ.
ඔවුන් ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇතත් සියයට 10 ක හෝ ප්රතිචක්රියකරණයක් සිදු නොවන බවයි පරිසර අමාත්‍යංශය පෙන්වා දෙයි.
ප්ලාස්ටික් හා පොලිතීන් තහනම් කිරීමේ වැඩ පිළිවෙලේ මීලල ලැයිස්තුවට ප්ලාස්ටික් බෝතල් ඇතුළත් කර ඇති නමුත් සති දෙකක් තුළ ප්‍රතිචක්‍රියකරණය සඳහා විදිමත් වැඩ පිළිවෙළක් යෝජනා’නොකරන්නේ නම් ඒවා ද තහනම් කිරීමටයි පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත.