රජයේ හිමිකාරීත්වය යටතේ ස්ථාපිත කරන ලද ආදාළ සමාගම් වෙත වටිනා ඉඩම් ඇතුළු පොදු ජනතාවගේ දේපළ පවරා දීම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් ස්ථාපිත කර තිබෙන ජනතාවගේ පරමාධිපත්‍ය හා ස්වෛරීභාවය උල්ලංඝනය වන බවද පෙත්සමේ දක්වා ඇති බව සඳහන් වේ.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම, සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙස්මන්ට් සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, රජයේ විගණකාධිපති වරයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු 19 දෙනෙකු නම් කර තිබේ.