එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි
මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර ප්රමාණයකින් ඉහළ ඉහල දැමීමට එම සංගමය කටයුතු යොදා තිබිණි.
මේවන විට ලංකාවට තිරිඟු පිටි මෙට්රික් ටොන් එකොළොස් ලක්ෂයක පමණ ප්රමාණයක් වාර්ෂිකව ආනයනය කරන බව පැවසේ.
මිල්ක් බ්රෑන්ඩ් වැඩිවීම
මේ අතර තිරිඟු පිටි ඒකාධිකාරිය පවත්වාගෙන යනු ලබන ප්රිමා සමාගම විසින් මීට දෙසතියකට පෙර පාන් නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන (මිල්ක් බ්රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් ඉහල දමා තිබිණි.
ප්රිමා සමාගම විසින් මිල්ක් බ්රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රු හාරදහසකට අලෙවි කල අතර, නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක් රු 4,175 දක්වා ඉහල ගොස් තිබිණි.
එසේම, ප්රිමා තිරිගු පිටි සමාගම විසින් රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් ද රුපියල් 4කින් වැඩිකර තිබිණි.