Jul 01, 2021

පිටි මිල ඉස්සූ සෙරන්ඩිබ් සමාගමට නඩු - බේකරි මිල එහෙම්මමයි

මේ වන විට ප්‍රීමා සමාගම පිටි මිල වැඩි කිරීමක් කර නොමැති අතර සෙරන්ඩිබ් සමාගම පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව මිළ වැඩිකිරීමක් සිදු කර තිබේ.

ඒ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් තීරණය කර ඇති බව වාර්තා වේ.

අද (01) වැනිදා පස්වරුවේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු බේකරි හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වීය.

පිටි මිළ වැඩි නොකරන ‌හෙයින් පාන් ඇතුළු නිෂ්පාදන වල මිල වැඩිකිරීමට කටයුතු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top