Jul 02, 2021

වෙළෙඳපොළේ රත්තරන් හිඟයක් - පවුම 124000යි Featured

රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි.

රත්රන් වල හිඟය හේතුවෙන් ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර දහස් ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවද සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සංගමයේ සභාපති ඒ. විජය කුමාර් මහතා පවසයි.

මීට වසර හතර පහක පමණ කාලයක සිට රත්රන් ආනයනයට වැඩි දැඩි සීමා පැන වූ අතර මේ දක්වා එම සීමා ක්‍රියාත්මක බවද සතුන් සඳහා පනවා තිබූ සියයට 15 රේගු බද්ද මෑතකදී සියයට 5 දක්වා අඩු වුවද රත්රන් ආනයනය නොකිරීම නිසා එහි වාසිය ලබා ගත නොහැකිව තිබෙන බවද සභාපතිවරයා පැවසීය.

මේ වන විට රත්රන් පවුමක මිල රුපියල් 116500ක් පමණ වන අතර වැඩ කුලිය සමඟ පවුමක මිල රුපියල් 124000ක් පමණ වන බවද විජය කුමාර් මහතා කීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top