Jul 03, 2021

වානිජ බැංකුවල ඩොලර් හිඟයක්; කළු කඩේ ඩොලරය ගිනිගානට යයි

කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළුකඩ මුදල් වෙළෙඳපොළේ) අමෙරිකානු ඩොලරය දැනට අලෙවි වන්නේ රුපියල් 222/-ත් රුපියල් 225/-ත් අතර මිලකට බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමුඛ වාණිජ බැංකු විසින් ඩොලරයට නියම කර තිබෙන මිල රුපියල් 199/-ත් රුපියල් 202/- අතර පවතී.

කළුකඩ මුදල් වෙළෙඳාම සරුවට කෙරෙන කොළඹ වෙළෙඳ වීදිවල මුදල් හුවමාරු මධ්‍යස්ථානවල ඩොලර් මිල ගණන් මෙතරම් විශාල ලෙස ඉහළ ගොස් ඇත්තේ වාණිජ බැංකුවල පවත්නා ඩොලර් හිඟය නිසා බවද පැවසේ.

අනාගතයේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඩොලරයේ මිල ඉහළ යනු ඇතැයි යන අනාගත ආර්ථික අපේක්ෂාව නිසා කළුකඩවල කොළඹ වීදිවල මුදල් වෙළෙන්ඳෝ මෙලෙස ඉහළ වටිනාකම්වලට ඩොලර් අලෙවි කිරීම සිදු කරන බවද පැවසේ.

ඒ සඳහා කිසියම් ඉල්ලුමක් පවත්නා බවද දේශය පුවත්පත වාර්තා කර ඇත.

කෙසේවුවද, එය නීති විරෝධී තත්ත්වයක් වන අතර මහැ බැංකුවද ඔවුනට අවවාද කර ඇතැයි පැවසේ.

ඔවුන් මෙලෙස විනිමය අලෙවි කරන්නේ රජයෙන් ලබාගත් බලපත්‍රයක් අනූවය.

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top