මේ තත්ත්වය ඇතිවීමට හේතුව වී ඇත්තේ ඔක්ටේන් 92 පෙට්‍රල් හිඟයක් ඇති වෙතැයි අපේක්ෂාවෙන් එම පෙට්‍රල් බැරල් 170,000ක් ගෙන්වීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ කෙටිකාලීන ටෙන්ඩරය අවලංගු කිරීම නිසාය.
සාමාන්‍යයෙන් තෙල් ගෙන්වීම සඳහා භවිත කරනු ලබන්නේ දිගුකාලීන ටෙන්ඩර් වේ.
එසේ සිදුකළ දිගුකාලීන ටෙන්ඩරයකට අනුව ලංකාවට ලැබීමට නියමිත මීළඟ පෙට්‍රල් තොග ලැබීමට දින නියමව ඇත්තේ ජූලි 22 - 23 අතර කාලයේදී බව පැවසේ.
කෙසේවුවද, ඊට පෙර ලංකා කනිජ තෙල් සංස්ථාව සතු ඔක්ටේන් 92 පෙට්‍රල් තොග අවසන්වීමේ අවදානමක් පවතින බැවින් අදාළ කෙටිකාලීන ටෙන්ඩරය කැඳවා තිබේ.
මෙම කෙටිකාලීන ටෙන්ඩරය නැවැත්වීමට හේතුවී ඇත්තේ ඊට ඉදිරිපත් වූ ලංසු මිල ගණන් වැඩි බව කියමින් බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
සාමාන්‍යයෙන් ඉන්ධන ගෙන්වීමේදී ඉන්ධන බැරල් ලක්ෂ 3ක් එකවර නැවකින් ගෙන්වීම සිදු කරන අතර එවිට නැව් ගැස්තු අදාළ ඉන්ධන ලක්ෂ තුන මත සමසේ බෙදීයාම සිදුවේ.
කෙසේවුවද, මෙසේ කැඳවා ඇති කෙටිකාලීන ටෙන්ඩරය ඉන්ධන බැරල් 170,000කට සීමා කිරීම නිසා අදාළ නැව් ගාස්තු එම ඉන්ධන තොගය හා බෙදීයාමෙන් මෙසේ එහි ඉන්ධන මිල වැඩිව ඇතැයි වාර්තා වේ.
දිගුකාලීන ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ලබාගෙන අතර ඉන්ධන ගෙන්වීමට මසක කාලයක් ලබාදෙනු ලබයි.
මෙසේ නිකුත් කර ඇති කෙටිකාලීන ටෙන්ඩරයට ලංසු තැබීමට ලබාදී ඇත්තේ දින 5ක කාලයක් බවත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ගෙන්වීමට ලබා දී ඇති දින ගණන 15ක් බවද පැවසේ.