Jul 06, 2021

රන් නිෂ්පාදකයෝ රත්‍රන් සැඟවීමෙන් රත්‍රන් ගිනිගනන් වෙලා! Featured

රත්‍රන් මිල ඉහළ යාමට හේතුව රන් ආභරණ නිෂ්පාදකයන් රන්තොග සඟවා ගැනීම යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
රත්‍රන් ආයනයන සීමාකර ඇති හෙයින් ප්‍රධාන පොළේ රන් ආභරණ නිෂ්පාදකයන් තමන් ළඟ තිබෙන රන් තොග සඟවා වෙළෙඳපොළේ කෘත්‍රීම රන් හිඟයක් මවා ඇතැයි ද එම නිසා පවුමක මිල ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
 
මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.පියතිස්ත මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් රත්‍රන් ආනයනයන කිරීමට බලය ඇත්තේ ලංකා බැංකුවට පමණක් බවයි.
 
ඉදිරියේදී රත්‍රන් ආනයනයක කළ පසුව දැනට පවතින මිල ගණන් පහත යනු ඇතැයි ද පියතිස්ස මහතා පවසයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top