Jul 07, 2021

ශ්‍රී ලංකන් පාඩුව බිලියන 372ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වනවිට රුපියල් බිලියන 372ක අලාභයක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කඳවා තිබු අතර එහිදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ඊයේ (06) මෙම අනාවරණය සිදු කළේය.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති අශෝක් පතිරගේ මහතා කෝප් කමිටුවේ දී අදහස් පළ කළ අතර ඊට චරිත හේරත් මහතා ද ප්‍රතිචාර දක්වා තිබේ.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක් ලබන බව කෝප් කමිටුවේදී අණාවරණය විය.

එසේම ගුවන් නියමුවන් 82 දෙනෙකු රුපියල් මිලියන 02 කට වැඩි මාසික වැටුපක් ද , තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත්, මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද කාරක සභාවේ නිරීක්ෂණයට ලක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top